සිංහල සහ ප්රාථමික විෂයන් සදහා දකුණු පළාත් උපාධි ගුරු පත්වීම් ලබා දීම පසුගිය මැයි 10 දින සිදුකරන ලදි.ඉතිරි විෂයන් සදහා ගුරු පත්වීම් ලබා දීම ලබන මැයි 30 බ්රහස්පතින්දා සිදු කිරිමට සියලු කටයුතු සුදානම් කර ඇති බව දක්ශිණපාය පළාත් අධ්යාපන අමාත්යංශයෙන් කල විමසීමකදි පැවසීය.මේ වන විට පළාත් රාජ්ය සේවා කොමිශන් සභාවෙන් සහතික කරන ලද ප්රතිළුල ලැයිස්තු ලැබෙන බවත් එම ලැයිස්තු සියල්ල ලද පසුව පත්විම් ලැයිස්තුව ප්රකාශයට පත්කිරිම සිදුකරන බවද පැවසීය.තවද පසුගිය මැයි 10 දින සිංහල සහ ප්රාථමික විෂයන් සදහා පත්වීම් ලබා ගත් පාසල් වල දැනට සේවයේ නියතු ඇතැම් සංවර් ධන නිළධාරීන් එම සේවයේ නියතු පාසලටම මුල් පත්විම ඉල්ලා අභියාචනා ඉදිරිපත් කිරිම නිසා ඉතිරි ගුරු පත්වීම් ලබා දීමේ ක්රියාවලියට බාදාමතු වි ඇති බව අමාත්යංශයෙ විධායක නිළධාරිනියක් අප කල විමසීමකදි පැවසීය.
සටහන - වරුන මහීශ.
0 Comments