Ticker

6/recent/ticker-posts

Ad Code

Responsive Advertisement

අපි ගත්තේ බංකොලොත් රටක්,අවුරුද්දෙන් භාණ්ඩාගාරය පිරෙවුවා.

 

පසුගිය රජය විසින් වත්මන් රජයට භාර දුන්නේ බංකොලොත් වූ රටක් වුවද, අද වන විට විපක්ෂය කතා කරන්නේ සියල්ලෙන් සපිරුණු රාජ්‍යයක් භාර දුන් ආකාරයෙන් යැයි සමුපකාර, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා චෝදනා කරයි.

එවැනි බංකොලොත් රටක් භාරගෙන වසරක් ගතවීමටත් පෙර රජයේ භාණ්ඩාගාරය පිරවීමට වත්මන් පාලනයට හැකි වූ බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෑතකාලීනව ආන්දෝලනයට තුඩු දුන් ගල්අඟුරු ටෙන්ඩර් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය. 

එහිදී ඔහු සඳහන් කළේ පවතින ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයට කිසිදු චෝදනාවක් එල්ල කළ නොහැකි බවයි.

ගල්අඟුරු සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා දැනට ගල්අඟුරු නැව් හතක් මෙරටට පැමිණි පවතින බවද ඉන් නැව් දෙකක් සම්බන්ධයෙන් ඩොලර් මිලියන දෙකක දඩ මුදලක් ගෙවීමට සිදුව ඇති බවද අනාවරණය කළේය.

මීට පෙර 2014 වසරේදී ගල්අඟුරු නැව් 14ක් ප්‍රතික්ෂේප කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

Post a Comment

0 Comments