Ticker

6/recent/ticker-posts

Ad Code

Responsive Advertisement

ඩ්‍රෝන ප‍්‍රහාර අවදානමක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්.

 

ඩ්‍රෝන යානා භාවිතා කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතු සිදුකිරිමටයම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම තත්වය වළක්වාලිමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකා පොලිසියට නිරික්ෂණය වී ඇත.

මෙරට තුළ ඩ්‍රෝන යානා නියමුවන් රහිත ගුවන් යානා ආනයනය කිරීමවෙළඳාම් කිරීමක්‍රියාකරවීම සම්බන්ධව 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ සලසා ඇති ප්‍රතිපාදනවලට යටත්ව සිදු කළ යුතු වුව ද ඇතැම් ආයතනයන් මඟින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් එම යානා මෙරටට ආනයනය හා අමතර කොටස් වෙළඳාම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

හා එබැවින් ඩ්‍රෝන යානා නියමුවන් රහිත ගුවන් යානා හා අමතර කොටස් ආනයනය කරන ආයතනමෙරට තුල ඩ්‍රෝන යානා අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන අළුත්වැඩියා කරන ස්ථාන පවත්වා ගෙන යන පුද්ගලයන් 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදන වලට යටත්ව එම කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු කරන ලෙසත්ඒ සම්බන්ධ දත්ත පවත්වා ගෙන යාම සඳහාත් පොලිස්පතිතුමා විසින් සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.

source - lankacnews.

Post a Comment

0 Comments